නීති විරෝධී, ජන සම්මත වාදය එළිපිට උල්ලංඝණය කරන ජාතික ලැයිස්තුව අවලංගු කරමු !

පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් පත්කිරීම ජනරජයේ පුරවැසියන් පමණක් සතුවන පරමඅධිකාරී බලයේ වැදගත්ම අංගයයි. නමුත් එම බලය විධායක ජනාධිපතිවරයා විසින් එල්ල කරන ලද සෘජු බලපෑම් වලට යටත්ව ඔබේ අධිකරණ බලය විශ්වාසය මත බලගැන්වීමේ වගකීම පැවරී ඇති මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාවාදී ඇත. මේ බරපතළ අපරාධය සම්පුර්ණයෙන් හෙළි කරන දැනටමත් 1000 කට අධික නිදහස් ක්‍රියාකාරී පුරවැසියන් විසින් අත්සන් කරන මහජන පෙත්සමට පියවිය හැකි  click එක මේ සමග පළකර ඇත. එය අවධානයෙන් කියවන ලෙස මහජන අයිතිය කිසිදා පාවා නොදෙන විනිවිද පදනම ඔබට ආරාධනය කරයි.

මහජන පෙත්සම

ජනතා පරමාධිපත්‍ය බලය මෙසේ පාවාදීම සම්බන්ධව විනිවිද පදනම විසින් විශේෂ විමර්ශණයක් සිදුකර ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛනාගාරයෙන් අදාළ ලියවිලි සියල්ල සොයා  ගන්නා ලද නමුත් එම ලියවිලි ජනතා අවධානයට නිදහස් කිරීම අගවිනිසුරු ඇතුළු විනිසුරන් 4 දෙනෙකු විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලද බව ඔබ දැනගත යුතුය. ඊට ප්‍රධාන හේතුව එවකට අග විනිසුරු පාරින්ද රණසිංහ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් 5 දෙනෙකු මෙම බරපතළ පාවාදීමට සම්බන්ධ වී සිටීමය. කෙසේ වුවද මහජන අයිතිය ගරු කරන ලෙස අගවිනිසුරු කනගසභාපති ශ්‍රීපවන් වෙත එල්ල කරන ලද දැඩි බලපෑම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම සියළුම ලියවිලි විනවිද පදනම වෙත නිකුත් කිරීමට අගවිනිසුරුවරයාට සිදුවිය. එම සියළුම ලියවිලි මහජන පෙත්සම ඇතුලත් කර ඇත. 

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැඩි බලපෑම් එල්ල කර මෙසේ නීති විරෝධීව පැහැර ගන්නා ලද අපේ පරමාධිපත්‍ය බලය නැවත දිනාගැනීමට අපි සෘජු බලපෑමක් කල යුත්තේ ඇයි ?  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කර ඇති 99අ ජාතික ලැයිස්තු ව්‍යවස්ථාව මුලපටන්ම නීති විරෝධී මෙන්ම ජනසම්මත වාදයට සපුරා පටහැනි වන්නේය. මහජනතාව නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ බලය ජනතාව පමණක් සතුවන, කිසිවකුට බලෙන් පැහැර ගත නොහැකි  ජනතා පරමාධිපත්‍ය බලයේ වැදගත්ම අංගයක් වන බව ඔබ දැනගත යුතුය (ව්‍යවස්ථාව 3 සහ 4 (අ) ව්‍යවස්ථාව).

ව්‍යවස්ථා විරෝධිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කල නොහැකි අතර පාර්ලිමේන්තුව සම්මත කර කථානායක සහතික කල එවැනි නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් වලංගු නීතියක්, වලංගු ව්‍යවස්ථා සංශෝධනයක් නොවන්නේය. එවැනි නීති විරෝධී ව්‍යවස්ථා සංශෝධනයක් බලරහිත කිරීමේ අනන්‍ය අධිකරණ බලය බලරහිත කිරීමේ අධිකරණ බලය, ව්‍යවස්ථාවේ ස්ථිරත්වය, අකණ්ඩ භාවය පවත්වාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ව්‍යවස්ථාවෙන් පවරා ඇති බව ඔබ දැනුවත් විය යුතුය (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 82 (6).

මේ සම්බන්ධව මහජන අයිතිය බලගන්විමින්  විනිවිද පදනම විසින් 2025 ජනවාරි මස 10 වන දින පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජාතික ලැයිස්තු ව්‍යවස්ථාවෙන් පත්කරන ලද මන්ත්‍රීන් 29 දෙනාගේම පත්වීම් අවලංගු කිරීම සඳහා මහජන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කර ඇති නමුත් එම නඩුව (SC/FR/7/2025) මේ මොහොත දක්වාම වසර එක හමාරකට අසන්න කාලයක් එම නඩුව විභාග කිරීමට දින නියම කිරීමට අගවිනිසුරු වරයා අසමත් වී ඇත. විනිවිද පදනමේ නායක නාගානන්දට නීතිඥ වෘත්තිය තහනම් කිරීමට එකම හේතුවද මෙම බරපතළ අපරාධය ජනතාවගෙන් වසන් කිරිම ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කිරීම බවත් නීතිඥ වෘත්තීය නීති විරෝධීව තහනම් කිරීම  අභියෝග කරමින් පවරා ඇති කරමින් නඩු පවරා ඇති නමුත් එම නඩුවද මේ මොහොත දක්වාම විභාගයට ගැනීමට දින නියම කර නොමැති බවත් අපි දනිමු.

1+225 බලු පොරය නිමා කර නීතියේ ආධිපත්‍ය නැවත පිහිටුවා රටේ දිශානතිය වෙනස් කරමු !

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සියල්ල අහෝසි කර බලු පොරයක් වී ඇති පාර්ලිමේන්තුව දැඩි විනයකට යටත් කිරීම මොහොතේ ජනරජයේ පරම අධිකාරිය වන පුරවැසියා වන ඔබ වෙත පැවරී ඇති වගකීම බව ඔබ ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුය. පාර්ලිමේන්තුව සම්පුර්ණයෙන් අධිකරණයේ බලයට යටත් කිරීමේ වගකීම ජනරජයේ පරම අධිකාරිය වන ඔබ වෙත හැර වෙනත් කිසිම අධිකාරියක් වෙත පැවරී ඇති වගකීමක් නොවන බව ඔබ තේරම් ගත යුතුය.  

2025 ජනවාරි මස 10 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති ජාතික ලැයිස්තු නඩුව (SC/FR/7/2025) විභාගයට ගැනීමට දින නියම කරන ලෙස අද දින (2026 මැයි මස 29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මෝසම, පෙත්සම, දිවුරුම් ප්‍රකාශය, ජනතාව පිළිගෙන ප්‍රතිග්‍රහණය කරන ලද ආදර්ශ දිවුරුම් ප්‍රකාශය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත 2025 ජුනි 25 වන දින ඉදිරිපත් කරන ලද පැමිණිල්ල  ඔබේ නිරීක්ෂණයට මේ සමග ඉදිරිපත් කර ඇත. 

නීති විරෝධී, ජන සම්මත වාදය එළිපිට උල්ලංඝණය කරන ජාතික ලැයිස්තුව අවලංගු කිරීමට ඔබ  සක්‍රීයව දායක වන්නේ  කෙසේද ? 

  1. පළමුව: අධිකරණයට යොමු කිරීමට නියමිත එම පෙත්සම හොඳින් නිරීක්ෂණය කර එය පිළිගැනීමෙන් සහ ඔබගෙන් ඉල්ලා ඇති තොරතුරු එයට ඇතුලත් කර විනිවිද පදනම වෙත නොපමාව ඉදිරිපත් කිරීමෙන් මහජන අයිතිය අධිකරණය හමුවේ බලගැන්වීමට ඔබට සහභාගී විය හැකි අතර අතර ඒ සඳහා නොබියව, සෘජුව, එඩිතරව ඉදිරිපත් වන ලෙස විනිවිද පදනම ඔබට ගෞරවයෙන් ආරාධනය කරයි.   
  2. දෙවනුව: අධිකරණය වෙත දැනටමත් ඉදිරිපත් කර ඇති මේ සමග ඉදිරිපත් කර ඇති ආදර්ශ දිවුරුම ප්‍රකාශය මුද්‍රණය කර එහි ඔබේ නම, ලිපිනය හා ජාතික හැඳුනුම් පත් අංකය හා ඔබේ අත්සන යොදා දිවුරුම් කොමසාරිස් වරයකු හමුවේ සහතික කර https://vinividafoundation.org/contact/ වෙත යොමු කර ජනරජයේ ක්‍රියාකාරී පුරවැසියන් වශයෙන් ඔබේ සක්‍රීය දායකත්වය පල කරන්න. මෙම මහජන අයිතිය බලගැන්වීමේ නඩුකාරය පුර්ණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමට දින නියම කරන ලෙස ඔබ ඉදිරිපත් කරන ඉල්ලීම් සියල්ල අග්‍රවිනිශ්චයකාර වරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.  

නීති විරෝධී, ජන සම්මත වාදය එළිපිට උල්ලංඝනය කරන ජාතික ලැයිස්තුව අවලංගු කරමු

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

පහත පෝරමය පුරවා සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශය අපට එවන්න